පාලම් සහ මාර්ග අලූත්වැඩියා කටයුතු හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල අද සිට වෙනසක් සිදුවනවා. එය මැයි 17 වනදා දක්වා ක්රියාත්මකයි. ඒ අනුව, අද (09) කොළඹ කොටුවෙන් තලෙයිමන්නාරම සහ චුන්නාක්කම් බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා. හෙට වව්නියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින සීඝ්රගාමී දුම්රිය අනුරාධපුරයෙන් පිටත් වන්නේ විනාඩි 30 ක ප්රමාදයක් සහිතවයි. එසේම මැයි 10 සහ 11 යන දිනවල පිටත්වන තලෙයිමන්නාරම සහ යාපනය දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ සියලූ තැපැල් දුම්රිය ප්රමාද වී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ.
මැදවච්චිය සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය 16 සහ 17 යන දිනවල අවලංගු කර ඇති අතර එම දිනයන්හිදී දුම්රිය ධාවනය සිදුවන්නේ අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා පමණයි.
මැදවච්චිය සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය 16 සහ 17 යන දිනවල අවලංගු කර ඇති අතර එම දිනයන්හිදී දුම්රිය ධාවනය සිදුවන්නේ අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා පමණයි.