අභ්‍යාවකාශ ප්‍රවාහන යානයක කැබලි පෘතුවියට වැටෙනවලු

Saturday, 09 May 2015 - 12:00

%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%94
රුසියානු අභ්‍යාවකාශ පාලන මධ්‍යස්ථානය සමඟ සන්නිවේදනය ගිලිහුණු ප්‍රෝග්‍රේස් එම් 27 එම්. දරණ අභ්‍යාවකාශ ප්‍රවාහන යානය නැවත පෘතුවියට කඩා වැටීමේදී විනාශ වී ඇති බව වාර්තා වනවා. රුසියානු අභ්‍යාවකාශ ඒජන්සිය සදහන් කළේ එහි ඉතිරි කැබලි කිහිපයක් පමණක් පෘතුවියට වැටෙන අතර එමගින් හානියක් සිදුනොවන බවයි. පාලනයෙන් ගිලිහුණු අභ්‍යාවකාශ යානය ඊයේ අලූයම් කාලයේ පෘතුවි වායුගෝලයට ඇතුළු වී ඇත්තේ පැසිෆික් සාගරයට ඉහළ අහසින්. අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත භාණ්ඩ රැගෙන පසුගිය අප්‍රේල් 28 වන දා නික්මුණු  ප්‍රෝග්‍රේස් එම් 27 එම් යානය ඉන් සුළු මොහොතකට පසු පාලනයෙන් ගිලිහුණා. එය නියමුවන් රහිත අභ්‍යාවකාශ යානයක්.