මහමැතිවරණයට පෙර පළාත් පාලන ආයතනවල පරිපාලනය විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට විපක්ෂය චෝදනා නගනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ එමගින් මැතිවරණයේදී වාසියක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ කරන බවයි.