විපක්ෂයේ පිරිසක් ජීනිවා ආරක්ෂාව සොයයි

Saturday, 09 May 2015 - 19:59

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජිනීවාහි පිහිටි අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හමුවට යාමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කොළඹදී අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුහුණදීමට සිදුව ඇති සිද්ධින් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ මෙලෙස අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය හමුවට යාමට බලාපොරොත්තු වන බවයි.

 මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ මහ බැංකුවේ අධිපතිවරයාට ගෙන ඒමට බලාපොරොත්තු වන විශ්වාසභභංග යෝජනා පිළිබඳව ද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අදහස් පළ කළා.