හිටපු මැති ඇමතිවරුන් සිරගතකිරීම, දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව සිටින මධ්‍යම පළාත් සභාවේ සභාපති මහින්ද අබේකෝන්ගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (09) එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.