මහ මැතිවරණය පැරණි ක්‍රමයටම

Sunday, 10 May 2015 - 15:39

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7%E0%B6%B8
මීළඟ මහ මැතිවරණය පැරනි ඡන්ද ක්‍රමයටම පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟත්වය පළ කළේ යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව අද සහ හෙට තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි. ඒ අනුව පැමිණෙන එකඟතාව මත නව මැතිවරණ ක්‍රමයක් ඇතුලත් විසිවන සංශෝධනය ලබන 13 වැනිදා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියා.

නව ඡන්ද ක්‍රමයට අදාළ සංශෝධන සම්මත කරගෙන පැරණි ක්‍රමයටම මීලඟ මහ මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේද අදහස බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තවදුරටත් අවධාරණය කලා.