පළිගැනීම් නිසා යහපාලනය දරුණුවෙලා - හිටපු ජනපති

Monday, 11 May 2015 - 8:14

%E0%B6%B4%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ආණ්ඩුව සංවර්ධන වැඩකටයුතු නතර කර පළි ගැනීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. හික්කඩුව ප්‍රදේශයේ ඊයේ (10) පැවැති ආගමික උත්සවයකින් අනතුරුව ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙල වත්මන් ආණ්ඩුව යටතේ ඇණහිට ඇති බවයි.