ගෝඨාභය අල්ලස් කොමිසමට

Monday, 11 May 2015 - 11:16

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.  පසුගිය මස 23 වැනිදා හිටපු ආරක්ෂක ලේකම්වරයා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර ඔහුව කැඳවීමට විරෝධය පළ කරමින් එදින එම කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්වුණා. අල්ලස් කොමිසම විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාව එලෙස කැඳවා තිබුණේ මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකුව සිටියදී සිදුවූ ගණුදෙනුවක් පිළිබදව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

කෙසේ වෙතත් අදාළ කරුණ  තවදුරටත් අධ්‍යයනය කළයුතු බැවින් ඒ සඳහා කාලය අවශ්‍ය බව ඔහුගේ නීතීඥයින් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියා. ජනතා විමුක්ති පෙරමුණද පසුගිය ජනවාරි මස 23 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කිහිපයක් ගොනු කළ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිවද  එමඟින් චෝදනා එල්ල කර තිබුණා.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ පසුගිය 6 වැනිදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂද වගඋත්තරකරුවෙකු කරමින් තවත් පැමිණිල්ලක් අල්ලස් කොමිසම හමුවේ ගොනු කළා. ඒ, 2013 වසරේ අම්පාරේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශනයේදී විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් කෙසේ වෙතත් මීට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුව ප්‍රකාශ කළේ.