Update: කුඩු ගෙන ආ සැකකරු හඳුනාගනී

Tuesday, 12 May 2015 - 7:41

Update%3A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාරවිල - තොඩුවාව මුහුදු තීරය ආසන්නයේ ලඳු  කැලෑවක තිබී සොයාගත් රුපියල් ලක්ෂ 800 කට අධික  වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 8යි ග්‍රෑම් 528  රැගෙන ආ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

 ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් තොගය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලීසියට අවසර ලබාදී තිබුණේ.

මාරවිල - තොඩුවාව මුහුදු තීරයේ ලදු කැළෑවක තිබී අවස්ථා දෙකකදී  මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව සිදුකළ මෙහෙයුමකදියි. මෙම හෙරොයින් තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවකින් රැගෙන විත් අනතුරුව කුඩා තෙප්පමකින් ගොඩබිමට ගෙනවිත් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට රට තුළ හෙරොයින් හිඟයක් පවතින බවට ද තොරතුරු වාර්තාවී ඇති බවයි.


Update: Tuesday, 12 May 2015 - 19:08 PM
........................................................................

කෝටි 8ක හෙරොයින්, මාරවිල - තොඩුවාවෙන්

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 8ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 528ක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මාරවිල, තොඩුවාව මුහුදු තීරයේ ළඳු කැළෑවක තිබී අවස්ථා දෙකකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි.

මාරවිල - තොඩුවාව මුහුදු තීරයට හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි බවට ලද තොරතුරකට අනුව පසුගිය 10 වන දා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී මත්කුඩු කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 528ක් සොයා ගත්තා. ඉන් අනතුරුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී ඊයේ එම ළඳු කැළෑව තුළ තිබී පාර්සල් දෙකක් තුළ අසුරා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.

 
මෙම හෙරොයින් තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවකින් රැගෙන විත් අනතුරුව කුඩා තෙප්පමකින් ගොඩබිමට ගෙනවිත් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා. පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තෙප්පම පැදවූ පුද්ගලයා වන අතර, ඔහු ඊයේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රදවා ගැනීමේ නියෝග මත තවදුරටත් ප්‍රශ්න කෙරෙනවා.