පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලින් 50%ක් වෙන් කළ යුතු බවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යෝජනා කරනවා. කොළඹ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ සෑම දේශපාලන පක්ෂයකින්ම ජාතික ලැයිස්තුව සදහා යෝජනා කරන නම් ලැයිස්තුවට කාන්තාවන් 50%ක් ඇතුළත් කළ යුතු බවයි.