රාඩා එක්ක කොටි නායකයෙකුත් ගණුදෙනු කරලා

Tuesday, 12 May 2015 - 20:09

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A9%E0%B7%8F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
සුනාමි නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය රජය සමයේ පිහිටුවාගෙන තිබූ රාඩා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය යළි මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරු අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සුනාමි ව්‍යසනයෙන් නිවාස අහිමිවූ උතුරු සහ නැගෙනහිර ජනතාවට නිවාස සාදාදීම සඳහා 2006 වසරේදී රාඩා ආයතනය පිහිටුවාගෙන තිබූ අතර එහිදී සිදුවූ රුපියල් මිලියන 169 ක මූල්‍ය වංචාවක් පිළිබදව පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය ඊට අදාළව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගත්තේ පසුගිය 9 වැනිදායි. මෙම මූල්‍ය වංචාවට හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු වන එමිල් කාන්තන්ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති බවයි  කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.