පස්සර - කනවැරැල්ල - බිබිලේගම ප්‍රදේශයේ දී නිවසක් මතට පස් කන්දක් සහ ගලක් පෙරළීමෙන් එම නිවසේ සිටි මිත්තණිය සහ මුණුබුරා මිය ගොස් දරුවාගේ මව තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මිය ගිය මිත්තණියගේ වයස අවුරුදු 54ක් වන අතර, දරුවාගේ වයස මාස 8ක් බවයි. තුවාල ලැබූ කාන්තාවගේ වයස අවුරුදු 22ක්. ප්‍රදේශයේ පැවති අධික වර්ෂාවත් සමඟයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනුරාධපුර - රාජාංගන ජලාශයේ වාන් දොරටු 7ක් ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විවෘත කර තිබෙන අතර, පරාක්‍රම සමුද්‍රයේ ද වාන් දොරටු 6ක් ඊයේ (12) පස්වරුවේ විවෘත කෙරුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ එම නිසා මහවැලි ගෙඟ් සහ මල්වතුඔය - කලාඔය පහළ කොටස්වල සිටින ජනතාව ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසයි.
මේ අතර, අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා දිවයින ආශ්‍රීතව වැසි හා අකුණු ඇති වීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.