ප්‍රාදේශීය සභා කොමසාරිස් පාලනයට

Wednesday, 13 May 2015 - 7:40

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මේ මස 15 වැනිදායින් නිළ කාලය අවසන් වන ප්‍රාදේශීය සභා 234ක් සඳහා විශේෂ කොමසාරිස්වරුන් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අලූත්ගම ඊයේ (12) පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම මේ වසරේදීම සිදුකරන බවයි.  

මේ අතර, සන්ධානයට බලය හිමි සියලූම ප්‍රාදේශීය සභාවල මැයි 15 වනදා කළු කොඩි ඔසවන බව පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ එකමුතුව ප්‍රකාශ කළා. මේ බව අනාවරණ වුණේ පළාත් පාලන ආයතන විසුරුවා හැර නිලධාරී පාලනයකට යටත් කිරීමකට එරෙහිව සන්ධාන පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹදී ඊයේ පැවැත් වූ සමුළුවකදීයි. මෙම සමුළුවේදී ඔවුන් යෝජනා 08 ක් ද සම්මත කරගත්තා.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කිරීම, පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීම, අමාත්‍ය ජෝන් අමරතුංග ඊට අදාළව සිදුකළ ප්‍රකාශයක් හෙළා දැකීම, පළාත් පාලන සහ පළාත් සභා යන විෂය පථ එකම අමාත්‍යවරයෙකු යටතට පත් කිරීම, මෙන්ම  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හෙළා දැකීම ඇතුළු තවත් යෝජනා කිහිපයක් මීට ඇතුළත්.

පළාත් පාලන මන්ත්‍රී එකමුතුව සංවිධාන කළ සමුළුව ඊයේ පැවති නාරාහේන්පිට ශාලිකා ශාලාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද පැමිණියා.

කෙසේ වෙතත්, අලූත්ගම ඊයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ මෙම පළාත් පාලන ආයතන විසුරුවා හැරීමක් සිදුනොවන බවයි.