රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් රඹුකන දුම්රිය ස්ථානය ආසන්නයේදී පිළි පැන තිබෙනවා. මේ නිසා ප්රධාන මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
Update: රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලි පැනීම හේතුවෙන් තවදුරටත් ප්රධාන මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා. රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක්, එම දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලී පැනීමකට ලක්වූයේ අද උදෑසනනයි. මේ නිසා දුම්රිය මැදිරි 3ක් මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි පාලක මැදිරියේ ප්රකාශකයෙකු කියා සිටියේ. මහනුවර සිට පැමිණෙන දුම්රියන් රඹුක්කන දුම්රිය ස්ථානය ආසන්නයේ නවතා එහි මගීන් අනෙක් දුම්රිය මාර්ගයෙන් කොළඹ දක්වා රැගෙන ඒමට කටයුතු කර ඇති බව ද ඔහු ප්රකාශ කලා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඡායාරූප - ටි.ප්රියදර්ශන සහ ටිරෝන් ලංකා