නේපාලයේදී ඇමරිකානු හෙලිකොප්ටරයක් අතුරුදන්

Wednesday, 13 May 2015 - 8:09

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
ඊයේ (12) ඇති වූ නේපාල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ භූ කම්පනයෙන් 1000කට අධික පිරිසකට තුවාල සිදුවී ඇති බවයි. නේපාලයේ සහන කටයුතුවල නිරතව සිටි ඇමරිකානු මැරීන් භටයන් 8 දෙනෙකු රැගත් හෙලිකොප්ටරයක් ද භූ කම්පනයත් සමග අතුරුදන්ව තිබෙනවා. ඊයේ ඇති වූ භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 7.3ක් ලෙසයි.

මේ අතර, පසුගිය අප්‍රේල් 25 වැනිදා නේපාලයට බලපෑ මෙවැනිම භූ කම්පනයකින් පුද්ගලයින්  8000 කට අධික පිරිසක් මියගොස් 17 866 දෙනෙකු තුවාල ලැබුවා.