අනතුරු දෙකකින් ජීවිත දෙකක් අහිමි වෙයි

Wednesday, 13 May 2015 - 10:30

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාතර - යටියන මාර්ගයේ කැකණදුර ප්‍රදේශයේ දී යතුරුපැදියක් ට්‍රැක්ටරයක ගැටී ඊයේ (12) සිදුවූ අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය ප්‍රකාශ කළේ ඔහු කැකණදුර - කොකාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මේ අතර, කුරුණෑගල - පුත්තලම මාර්ගයේ පැල්ලම්දෙනිය මංසන්ධියේදී යතුරුපැදියක් පා පැදියක ගැටී ඊයේ සිදුවූ අනතුරකින් 62 හැවිරිදි පාපැදිකරු මිය ගොස් තිබෙනවා. ඔහු කුරුණෑගල - මාස්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.