Update: වෙඩි තිබ්බේ ජුන්ඩුල්ලා

Wednesday, 13 May 2015 - 13:34

Update%3A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9A+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F
පකිස්ථානයේ කරච්චි නුවරදී ෂියා මුස්ලිම්වරුන් රැගත් බස් රථයකට අද එල්ලවූ ප්‍රහාරයේ වගකීම පාකිස්ථාන තලේබාන් ත්‍රස්ත සංවිධානයෙන් කැඞී ගිය ජුන්ඩුල්ලා  සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. යතුරුපැදි තුනකින් ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 6 දෙනෙකු බස් රථයට වෙඩි තබා තිබූ අතර ඉන් එහි ගමන්ගත් 48 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාරය පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හෙළා දැක තිබෙනවා. ප්‍රහාරය හේතුවෙන් පාකිස්ථාන යුද හමුදා ප්‍රධානී ජෙනරාල් රාහීල් ෂරීෆ් සිය ශ්‍රී ලංකා සංචාරය හදිසියේ අවලංගු කර තිබෙනවා.
Update: Wednessday, 13 May 2015 - 19:03 PM
...............................................................................

බස් රථයකට වෙඩි - 47ක් මරුට

පාකිස්ථානයේ කරච්චි අගනුවර ෂියා මුස්ලිම්වරු ගමන් කළ බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 47ක් දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ යතුරු පැදි 03කින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් 06 දෙනෙකු බස් රථයට වෙඩි තබා ඇති බවයි. එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 60 දෙනෙකු ගමන් කර තිබෙනවා.