කල් පිරුණු පළාත් පාලන ආයතන ගැන තීරණය අද අමාත්‍ය මණ්ඩලයේදී

Wednesday, 13 May 2015 - 19:25

%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
මැයි 15 වනදා කාලය අවසන් වන පළාත්පාලන ආයතන දෙසිය තිස් හතරේ නිල කාලය දීර්ඝ කරන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලීමක් කළා. කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පළාත්පාලන ආයතන කොමසාරිස් පාලනයකට යටත්කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මේ පිළිබඳව පක්ෂය තුළ විවිධ මතගැටුම් පවතින බවද විපක්ෂ නායකවරයා කියා සිටියා.

කෙසේ වෙතත් අනිද්දායින් කාලය අවසන්වීමට නියමිත පළාත්පාලන ආයතන සම්බන්ධයෙන් අවසන් තීරණය අද රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල  රැස්වීමේදී ගන්නා බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරූ ජයසූරිය ප්‍රකාශ කළා.