සංචාරක වීසා මත රැදී සිටිමින් ආගමන විගමන නීති උල්ලංඝනය කර ඇති ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලවංචිකුඩි ප්‍රදේශයේ රෙදි වෙළඳාමේ යෙදී සිටියදී අදාළ ඉන්දීය ජාතිකයා ඊයේ (13) අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ අතර, සංචාරක වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි රුසියානු ජාතික කාන්තාවක් ද මාතර නගරයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම රුසියානු ජාතික කාන්තාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.