මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට කැබිනට් අමාත්‍යවරු තුන්දෙනෙකු ඇතුලූ ආණ්ඩුවේ 9 දෙනෙකු අත්සන් කර ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට අභයාරාමයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙම මාධ්‍ය හමුවට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද එක්ව සිටියා.
මේ අතර දිනූ දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයද නාරාහේන්පිට අභයාරාමයේ අද පෙරවරුවේ තවත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට එක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ රට බෙදීමේ ක්‍රියාවලිය සියුම්ව ක්‍රියාත්මක වන බවයි. මෙම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ඇතුලූ පිරිසක් ද එක්ව සිටියා.