පිලිපීනයේ සපත්තු කම්හලක ගින්නක් - 72ක් මරුට

Thursday, 14 May 2015 - 13:57

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+-+72%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
පිලිපීනයේ මැනිලා නුවර සපත්තු කම්හලක ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පිරිසක් මෙම කම්හල තුළ සිරවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. මහල් දෙකකින් සමන්විත මෙම සපත්තු කර්මාන්තශාලාවේ පහසුකම් අවම මට්ටමක පවතින බවත්, හදිසි ගිනිගැනීමේ තත්ත්වයකදී එය නිවාදැමීමට අවශ්‍යවන උපකරණ ද මෙහි නොතිබූ බවත් එම වාර්තා තවදුරටත් සඳහන් කළා.