කොමිස් ගත්ත හැටි හොයන්න අගමැති සූදානම්

Thursday, 14 May 2015 - 18:46

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මහාමාර්ග ඉදිකිරීමේදී ලබාගෙන ඇති කොමිස් මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අදාළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම පිළිබඳව තීරණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති තරුණ හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා. කෙසේ වෙතත්, ජපාන රජයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නව ආධාර යටතේ උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම නව කොන්ත්‍රාත්කරුවන් වෙත ලබාදීමට පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.