ලිංගික අල්ලස් ඉල්ලූ විදුහල්පතිට අත්හිටවූ සිර දඬුවම්

Friday, 15 May 2015 - 19:22

%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් කොට්ටාව ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට අද (15) වසර 10ක අත්හිට වූ සිර දcවමක් නියම වුණා. ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

පාසලේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා මවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත්කළ බවට චෝදනා එල්ල වූ මෙම විදුහල්පතිවරයා වේරහැර ප්‍රදේශයේ ලැගුම්හලකදී පොලීසිය අත්අඩංගුවට ගත්තේ 2013 වසරේ සැප්තැම්බර් මස 5 වන දායි. සිද්ධියට අදාළ පැමිණිල්ල පවත්වාගෙන ගියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවයි.

ඒ අනුව අද මෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරිය සැකකාර විදුහල්පතිවරයාට රුපියල් 20,000ක දඩයක් සහ වසර 10කට අත්හිට වූ සිර දඩුවමක් නියම කළා. ඔහුගේ බිරිඳ සහ දියණියන් තුන්දෙනා පිළිබඳ සලකා බලා ලිහිල් දඬුවමක් නියම කරන බවයි මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා ප්‍රකාශ කර ඇත්තේ.