කටුනායක ඇඟලූම් සේවිකාවගේ සිරුර ගොඩ ගන්නයි අධිකරණයෙන් නියෝග

Friday, 15 May 2015 - 19:40

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%9F%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ලබාදුන් ආහාර විෂවීමෙන් පසු රෝහල්ගතව සිටියදී මිය ගිය ඇඟළුම් සේවිකාවගේ මෘත ශරීරය ගොඩ ගන්නා ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර අද (15) නියෝග කළා. ඒ අනුව අදාළ නියෝගය ඇයගේ මෘත දේහය මිහිදන් කර ඇති අඟුණුකොළපැලැස්ස පොලිස් බල ප්‍රදේශයට අදාළ මහේස්ත්‍රාත්වරයාට යොමු කෙරෙනු ඇති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කටුනායක පොලීසියයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස 04 වැනිදා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් මගින් ලබාදුන් ආහාර විෂවීමෙන් පසු එහි සේවක සේවිකාවන් 150 දෙනෙකු පමණ මීගමුව රෝහළට ඇතුළත් කෙරුණා. එලෙස රෝහල් ගත කෙරුණු තංගල්ල - ඇලකන්ද - උස්වැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් සැප්තැම්බර් මස 07 වනදා රෝහලේදී ජීවිතක්ෂයට පත් වනවා. කෙසේ වෙතත්, ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබුණේ එම මරණය ආහාර විෂවීමක් හේතුවෙන් සිදුවූ මරණයක් නොවන බවටයි. ඒ අනුව ඇයගේ ඥාතීන් මෙම මරණය සැක සහිත බව පවසමින්, කටුනායක පොලිසියට පැමිණිල්ලක් කළා. ආහාර විෂවීමෙන් රෝගී වූ සේවක සේවිකාවන් රෝහලෙන් පිටව ගිය ද ඉන් දස දෙනෙකු යළිත් සැප්තැම්බර් මස 09 වනදා මීගමුව රෝහළට ඇතුළත් කෙරුණේ හදිසියේ අසනීපවීම හේතුවෙන්.