පළාත් පාලන ආයතන 234ක් කොමසාරිස්වරුන්ට භාරදීම ගැන නිදහස් පක්ෂයේ විරෝධය

Saturday, 16 May 2015 - 8:36

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+234%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
පළාත් පාලන ආයතන 234ක පරිපාලනය කොමසාරිස්වරුන් යටතට පත් කිරීමට එරෙහිව ඉදිරි සතිය තුළදී නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

මහ නගර සභා 3ක්, නගර සභා 30ක්, ප්‍රාදේශීය සභා 201ක් ලෙස පළාත් පාලන ආයතන 234 ක නිල කාලය ඊයේ (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව මහ නගර සභාවල නව පාලනය ඒවායේ කොමසාරිස්වරයා වෙතද නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන්ටද හිමිවනු ඇති.

මේ වන විටත් මාර්තු 17 වන දා නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 9ක එලෙස පරිපාලන කටයුතු සිදුවනවා. එසේම පසුගිය වසරේ අගෝස්තු 24 වන දා නිළ කාලය අවසන් වූ පළාත් පාලන ආයතනයක් ද කොමසාරිස් පාලනයට යටත් කර ඇති අතර, අගෝස්තු  31 වන දින නිළ කාලය අවසන් වූ පළාත් පාලන ආයතනයක කාලය දීර්ඝ කර තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල පළාත් පාලන මැතිවරණය මෙතෙක් පවත්වා නැහැ. ඒ, ඊට අදාළව අභියාචනාධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවතීම හේතුවෙන්. මීට අමතරව මේ වසරේ ජුලි 31 වන දා පළාත් පාලන ආයතන 65 කද, ඔක්තෝම්බර් 16 වන දා, 21ක ද ඔක්තෝම්බර් 31 වන දා ආයතන දෙකක ද නිල කාලය අවසන්වීමට නියමිතයි. ඒ අනුව ඉහත සදහන් කළ 335ක් වූ සියලූ පළාත් පාලන ආයතනවල මැතිවරණය එකවර පවත්වන බවයි රජය ප්‍රකාශ කරන්නේ.
                                            
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සදහන් කළේ පළාත් පාලන ආයතන කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීමට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. ඡන්දය පැවැත්වීමට නොහැකි නම්, පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කළ යුතුව තිබූ බව ඔහු සඳහන් කළා.