අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් ඉරාකයේ විශාලතම ප්රාන්තය වන අන්බාර් ප්රාන්තයේ රමාඩි නගරය ඊයේ (15) අත්පත් කර ගත්තා. රමාඩි, අන්බාර් ප්රාන්තයේ අගනුවරයි. නගරයේ ආණ්ඩුකාර කාර්යාලය සහ පොලිස් මූලස්ථානය අත්පත් කර ගැනීම සඳහා අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ 6ක් සහ මෝටාර් ප්රහාර යොදාගත් බව සදහන්. ගැටුමේදී ඉරාක පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී, තවත් 50 දෙනෙකු පමණ අයි.එස්.වරුන්ගේ ග්රහණයට පත්වී ඇති බව ද විදෙස් වාර්තා සදහන් කළා.