කටාර් රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 12 දෙනෙකු ආසාදුලේඛණ ගත කොට හෙට දිනයේ ශ්‍රී ලංකාවට එවීමට එරට රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය ප්‍රකාශ කළේ පසුගියදා කටාර් රාජ්‍යයේ ඇති වූ ගින්න හේතුවෙන් නේවාසික පහසුකම් අහිමි වූ මෙම ශ්‍රමිකයන්ට අවශ්‍ය පහසුකම් අදාළ සමාගම විසින් සපයා ඇති බවයි. එහෙත් එම පහසුකම් ප්‍රතික්ෂේප කොට ඔවුන් වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් කටාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සේවායෝජකයින් ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිස නැවත මෙරට බලා පිටත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගියදා කටාර් රාජ්‍යයේ සෙවන් ගෲප් නමැති කර්මාන්ත ආයතනයට අයත් නේවාසිකාගාරයේ ඇති වූ ගින්නෙන් ශ්‍රී ලාංකිකයින් 250 දෙනෙකුට පමණ නේවාසික පහසුකම් අහිමිවුණා. පසුව එරට රජය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ට නැවතත් වෙනත් නේවාසිකාගාරයක පහසුකම් සලසා දුන්නා.