පළාත්පාලන සීමා නිර්ණ ගැසට් කර කඩිනමින් මැතිවරණය පවත්වන්න - නිදහස් පක්ෂය

Saturday, 16 May 2015 - 13:15

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA
පළාත් පාලන ආයතන සීමා නිර්ණ කඩිනමින් ගැසට් කර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවට බල කර සිටිනවා. සන්ධානයේ මහලේකම් සහ නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි. 2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතට අනුව සකස් කර ඇති අදාළ කොට්ඨාශ පිළිබද වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන තුරු මැතිවරණය පැවැත්වීමට හැකියාව නොලැබීම ඊට හේතුවයි.  

මහ නගර සභා 3ක්, නගර සභා 30ක්, ප්‍රාදේශීය සභා 201ක් ලෙස පළාත් පාලන ආයතන 234 ක නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව මහ නගර සභාවල නව පාලනය ඒවායේ කොමසාරිස්වරයා වෙතද නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන්ටද හිමිවනු ඇති. මීට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, 335ක් වූ සියලූ පළාත් පාලන ආයතනවල මැතිවරණය එකවර පවත්වන බවයි රජය සදහන් කළේ. පසුගිය දා පයාගල පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් වන මෙම තීරණය මගින් ඒවා විසුරුවා හැරීමක් සිදුනොවන බවයි.

කෙසේ වෙතත්, ආණ්ඩුව කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළා.