19 නිසා කොමිෂන් සභා අක්‍රිය වෙන්නෑ - රජය

Saturday, 16 May 2015 - 13:19

19+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමත් සමඟ ස්වාධීන කොමිෂන් සභා මුළුමනින් අක්‍රියවීමේ තත්ත්වයක් පැන නොනගින බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. කථානායකවරයා අත්සන් තැබීමත් සමඟ පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ සිට බලාත්මක වුණා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා පත් කෙරෙන්නේ ව්‍යවස්ථාදායක සභාව මගින්. එලෙස නව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන තුරු දැනට ක්‍රියාත්මක කොමිෂන් සභාවල කොමසාරිස්වරුන්ට තවදුරටත් කටයුතු කිරීමේ බාධාවක් පවතින්නේ නැහැ.

මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ඉල්ලා අස්වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විමසීමට අප එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සාමාජික මණ්ඩලය සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක වූයේ නැහැ. අදාළ කොමසාරිස්වරයා ඉල්ලා අස්වූ බව කියන පුවත මෙතෙක් නිළ වශයෙන් සනාථ කළ නොහැකි බව පැවසූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වුව ද එහි ක්‍රියාකාරීත්වය මුළුමනින් අඩපණ නොවන බවයි. අල්ලස් කොමිසමෙන් සාමාජිකයෙකු ඉල්ලා අස්වීම එහි ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය පිළිබදව ද මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් අප විමසීමක් කළා. මෙහිදී ඔහු ප්‍රකාශ කළේ කොමිෂන් සභා මේ තුළින් අහෝසි නොවන අතර එම සභා සඳහා පත් කර තිබෙන නිළධාරීන්ගේ ඇතැම් බලතල සීමා වන බවයි.

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය අප්‍රේල් 28 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ 3 න් 2 ක ඡන්දයෙන්. ඉන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පත් කිරීමද සිදු කෙරුණා. කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුලූ පාර්ලිමේන්තුව නියෝජනය කරන හත්දෙනෙකුගෙන් සහ සිවිල් නියෝජිතයන් තුන්දෙනෙකුගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විතයි.