දේශපාලනේ නම් නිදහස් කරන්න

Saturday, 16 May 2015 - 20:50

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+++%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ඇතැම් චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කළ යුතු බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ ව්‍යාපාරය කොළඹදී අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඔහු එහිදී ප්‍රශ්න කර සිටියේ වසර ගණනාවක් තිස්සේ මෙම පුද්ගලයන් රඳවාගෙන සිටින්නේ කුමන පදනමක් මත ද යන්නයි.

මෙහිදී විවිධ චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින දේශපාලනඥයින් පිළිබඳව ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අදහස් පළ කළා. ඔහු කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඇතැම් මැති ඇමතිවරුන් සුඛෝපභෝගී ගිලන් රථ භාවිත කරමින් වීරයන් ලෙස හැසිරෙන බවයි.

මීට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි  නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා ඊයේ (15) ප්‍රකාශ කළේ.