අවමංගල්‍යයේ පොලීසියේ දෙදෙනෙකුත් මරුට

Sunday, 17 May 2015 - 8:36

%E0%B6%85%E0%B7%80%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හුන්නස්ගිරිය - සේනාපිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අවමංගල්‍ය අවස්ථාවකට සහභාගි වී අද (17) අලූයම නැවත පැමිණෙමින් සිටි තෙල්දෙණිය පොලීසියේ නිලධාරීන් පිරිසක් රැගත් වෑන් රථයක් අනතුරට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙල්දෙණිය පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්.