කොටි සැමරුම් තහනම්

Sunday, 17 May 2015 - 8:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ හෙට (18) දිනයේ පැවැත්වීමට සංවිධාන කර තිබූ එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සවයක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ සැමරුම් උත්සවය පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි නියෝගය නිකුත් කර ඇත්තේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඒ අනුව හෙට සිට දින 14 ක් යනතුරු මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ කිසිදු ස්ථානයක එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සවයක් පැවැත්වීම, අධිකරණ නියෝගය මගින් තහනම් කර ඇති බවයි.