ප්‍රශ්නයක් නිසා ජනපතිගේ ආරක්ෂකයන් දෙන්නෙක් දොට්ට

Sunday, 17 May 2015 - 18:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7
පසුගිය අප්‍රේල් 25 වැනිදා අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වූ රැස්වීමේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, අදාළ රැස්වීමට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු ගිනි අවියක් රැගෙන පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට අනුවයි. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව තහවුරු කළා.

මෙම රැස්වීමේදී  ජනාධිපති ආරක්ෂක අංශය යොදා තිබූ ආරක්ෂක විධිවිධාන උල්ලංඝනය වී ඇත්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලීසිය ප්‍රකාශ කළා. මේ අතර, ගිනි අවියක් රැගෙන පැමිණි බව කියන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට අනුයුක්ත යුද හමුදා කෝප්‍රල්වරයා මේ මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර සිටිනවා.