නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක ඇතිවූ ගැටුමකින් 100 ක් මරුට

Monday, 18 May 2015 - 8:51

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+100+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මලයාසියාව බලා ගමන් කළ නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රාවක පුද්ගලයින් 100 කට අධික පිරිසක් ආහාර බෙදාගැනීමේදී ඇතිවූ ගැටුම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම යාත්‍රාව පසුගියදා ඉන්දුනීසියානු වෙරළාරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර එහි සිටි 700 කට ආසන්න බංගලිදේශ සහ මියන්මාර සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී නීතිවිරෝධී සංක්‍රමනිකයින් පවසා ඇත්තේ ආහාර බෙදාගැනීමේදී තම යාත්‍රාවේ සිටි 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවයි.