උතුර සහ නැගෙනහිර යුද්ධයෙන් මියගිය අය සමරයි

Monday, 18 May 2015 - 12:53

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සමරා උතුර - නැගෙනහිර ප්‍රදේශ කිහිපයක අද පහන් දල්වා තිබෙනවා.

මුලතිව් - වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයට සහභාගි වූ උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ  යුද්ධයේ අවසන් මොහොතේ මියගිය පුද්ගලයින් සැමරීම සඳහා මෙම පහන් දැල්වීම සිදුකරන බවයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් සහ පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිදරන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මඩකලපුව - වාකරේ ප්‍රදේශයේද මෙවැනි සැමරුමක් පැවත්වුණා.

මුලතිව් පොලිස් බලප්‍රදේශයේ අද දිනයේ එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. අදාළ සැමරුම් උත්සවය පිළිබඳව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර තිබුණේ. ඒ අනුව අද සිට දින 14 ක් යනතුරු මුලතිව් පොලිස් බලප්‍රදේශයේ කිසිදු ස්ථානයක එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සවයක් පැවැත්වීම තහනම් වනු ඇති.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගෙන් පිරිසක් එක්ව සරසවි භූමියේ පහන් දල්වා යුද්ධයෙන් මියගිය පිරිස සමරනු ලැබුවා.  

කෙසේ වෙතත් මුලතිව් පොලිස් බලප්‍රදේශය තුළ අද දිනයේදි ත්‍රස්තවාදී කණ්ඩායම් සැමරීමේ අරමුණින් උත්සවයක් සංවිධාන කළහොත් ඊට එරෙහිව පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More