Update: මුදල් ඇමති රවීට එරෙහි විශ්වාසභංගය භාර දෙයි

Monday, 18 May 2015 - 13:53

Update%3A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අද (18) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විශ්වාසභංගයක් කතා නායක චමල් රාජපක්ෂ වෙත බාර දුන්නා. විදේශ රටක පුරවැසිභාවය තිබෙන පුද්ගලයෙකු මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත් කිරීම මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සිදුවූ ඇති අක්‍රමිකතා ඊට හේතුව බවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ වන විට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අමාත්‍ය ජෝන් අමරතුංග, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විසින් කථානායකවරයා වෙත යොමුකර තිබෙනවා. මුලින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනා තුන මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව සඳහන්. මෙම විශ්වාසභංග යෝජනා විවාදයට ගැනෙන්නේ පක්ෂ නායක රැස්වීම්වලදී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ මහබැංකු අධිපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.



Update: Monday, 18 May 2015 - 19:20
............................................................

මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිය දෙනෙකුගේ පමණ අත්සනින් යුතුව විශ්වාසභංග යෝජනාවක් කථානායක චමල් රාජපක්ෂ වෙත අද (18) දහවල් භාර දුන්නා. නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ අවිධිමත් ආකාරයට මහබැංකුවට අධිපතිවරයෙකු පත් කිරීම සහ ඔහු හරහා නිකුත් කෙරුණු භාණ්ඩාගාර බැඳුම්කර හේතුවෙන්  ආර්ථිකයට බලපෑම් එල්ල කිරීම යන චෝදනාව යටතේ මූල්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙස මුදල් ඇමතිවරයා ඊට වගකිව යුතු බවයි.