රුපියල් බිලියන දෙකක මූල්‍ය වංචාවක් ගැන හිටපු සභාපතිවරයෙකුගෙන් ප්‍රශ්න කෙරේ

Monday, 18 May 2015 - 19:08

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පතක් කුරුණෑගල පළාත්බද මහාධිකරණයේදී අද (18) සලකා බලා තිබෙනවා. එහිදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සහ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීමක් සිදුව ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. පසුගිය 5 වැනිදා ඔහු අත්අඩංගුවට ගත්තේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම් සිදුනොකර භාණ්ඩ ලබාගෙන රුපියල් පනස් දෙලක්ෂ 75,000ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අදාළවයි. ඒ අනුව හිටපු අමාත්‍යවරයා ලබන මැයි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඇප අයදුම්පතට අදාළව මහාධිකරණයේ තීරණය ලබන 25 වන දා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි.

මේ අතර, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමූපකාර හා අභ්‍යන්තර අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ එම අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය වාණිිජ විවිධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ප්‍රදීප් ගුණවර්ධනගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද ප්‍රශ්න කළා. ඒ, සහල් සහ කිරිපිටි ආනයනයේදී සිදුවූවා යැයි පැවසෙන රුපියල් බිලියන 2 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.