Update: යළි යුද්ධයකට ඉඩක් නැහැ- ජනපති

Tuesday, 19 May 2015 - 12:56

Update%3A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කළ අභිමානවත් රණවිරු විජයග්‍රහණයේ 6 වන සැමරුම මාතර සමුද්‍ර  මාවතේදී අද (19) පැවැත්වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුවයි උත්සවයේ නිල වැඩකටයුතු ආරම්භ වුණේ. ජාතික ගීය ගායනා කිරීමෙන් පසු දේශය වෙනුවෙන් දිවිපිදූ  රණවිරුවන් වෙනුවෙන් විනාඩිය නිශ්ශබ්දතාවයක් පළ කෙරුණු අතර, පසුව ඔවුන් වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් ද පුද කළා. අනතුරුව උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන කියා සිටියේ රට තුළ නැවත යුද්ධයක් හෝ ත්‍රස්තවාදය හෝ ඇතිවීමට ඉඩ නොතබන බවයි.

 ඉන් පසුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ආචාර පෙළපාලිය ආරම්භ වුණා. ඊට සමගාමීව ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යානා පෙළක්, උත්සව භූමිය ඉහළ අහසේ පියාසර කළ අතර, මුහුදු තීරයේ නාවික හමුදා යාත්‍රා පෙළක් ද සංදර්ශනයට සහභාගී වූවා.  පැරෂුට් සංදර්ශනය ඉදිරිපත් කළේ යුද හමුදා කමාන්ඩෝ බලකායයි.


Update: Tuesday, 19 May 2015 - 18:35
......................................................................

පශ්චාත් යුද සමයේ සංහිඳියාව නිසි පරිදි ඉටු වූයේ නැහැ - ජනපති


පශ්චාත් යුද සමය තුළ ජාතීන් අතර සංහිදියාවක් ඇති කිරීම නිසි පරිදි ඉටු නොවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එමෙන්ම නව රජයේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිඳියාව එක හා සමානව ක්‍රියාත්මක වීම බව මාතර - සමුද්‍රමාවතේ අද (19) උදෑසන පැවැති 6 වන රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

උදෑසන 8ට ආරම්භ වුණු රණවිරු සැමරුම් උත්සව භූමියට අමත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් මෙන්ම විදෙස් තානාපතිවරුන් පළමුවෙන්ම පැමිණ සිටියා. ඉන් අනතුරුව පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තියෙන් පසු පැමිණියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයායි. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා උත්සව භූමියට පැමිණියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රරමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ද ඉන් අනතුරුව උත්සවයට එක් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රණවිරු සැමරුමට සම්ප්‍රාප්ත වුණේ ඉන් පසුවයි. පළමුව ජනාධිපතිවරයා ජාතික කොඩිය ඔසවනු ලැබුවා. ඉන් පසු ජාතික ගීය ගායනා කරනු ලැබූ අතර අනතුරුව පැවතියේ දේශය වෙනුවෙන් දිවිපුදූ රණවිරුවන් වෙනුවෙන් විනාඩිය නිශ්ශබ්දතාවයක් පළ කිරීමයි. පසුව මියගිය රණවිරුවන් වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් ද පුද කෙරුණා. උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තිස් වසරක යුද්ධය නිමා කිරීමට නායකත්වය ලබාදුන් හිටපු සියලූම රාජ්‍ය නායකයින්ට සහ හමුදා ප්‍රධානීන්ට ස්තූතිය පළ කළා.

පශ්චාත් යුද සමයේ සංහිදියාව වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ක්‍රියාත්මක නොවූ බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

නව රජයේ ප්‍රතිපත්තිය සංවර්ධනය සහ සංහිඳියාව සමානව සිදුකිරීම බවයි එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කර සිටියේ.

රට තුළ නැවතත් යුද්ධයක් හෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඉස්මතු නොවීමට වග බලා ගන්නා බවට ජනාධිපතිවරයා එහිදී ප්‍රතිඥාවක් ද ලබාදුන්නා.

ඉන් පසුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ආචාර පෙළපාලිය ආරම්භ වුණා. ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 3255 දෙනෙකු, නාවික හමුදාව නියෝජනය කරමින් සාමාජිකයින් 1615 දෙනෙකු, ගුවන් හමුදාව නියෝජනය කරමින් සෙබලූන් 916 දෙනෙකු එක්වුණා. ඊට අමතරව ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් නිලධාරීන් 955 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 519 දෙනෙකු 6 වන රණවිරු සැමරුම් උළෙලේ ආචාරය පෙළපාලිය සදහා එක්වුණා. මෙම ආචාර පෙළපාලියට සමගාමීව ගුවන් හමුදා යානා පෙළක්, උත්සව භූමිය ඉහළ අහසේ පියාසර කළ අතර, මුහුදු තීරයේ නාවික හමුදා යාත්‍රා පෙළක් ගමන් කළේ නාවික හමුදා ආචාර පෙළපාලියට සමාන්තරවයි. යුද හමුදා කමාන්ඩෝ බලකාය මෙහිදී පැරෂුට් සංදර්ශනයක් ද ඉදිරිපත් කළා.






             
   



   








උදෑසන දහයවන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
Wednesday, 05 August 2020 - 10:33

2020  මහ මැතිවරණය අදාළව උදෑසන 10වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය... Read More

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:14

ලෙබනනයේ බේරූට් හී පිපිරුම හේතුවෙන් එරට ශ්‍රී ලංකා තානාපති... Read More

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව - නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරමක් අයහපත් කාලගුණ තත්ත්වයක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 10:04

රට පුරා ඡන්ද විමසීම සාමකාමිව සිදුවන බව, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන්... Read More