සෝමවංශගෙන් ජ.වි.පෙ. ට අභියෝගයක්

Tuesday, 19 May 2015 - 13:04

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ තම පැරණි පක්ෂයට අද (19) අභියෝගයක් එල්ල කළා. ඒ, දේශපාලනය සඳහා තමන්ගේ යෝග්‍යතාවය පිළිබඳ එම පෙරමුණේ නායකත්වය සිදුකර ඇති ප්‍රකාශ ඔප්පු කර පෙන්වන ලෙසයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සෝමවංශ අමරසිංහ තම අභියෝගය ඉදිරිපත් කළා.

මෙම මාධ්‍ය හමුවට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මෙන්ම ලංකා පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ප්‍රියන්ත කරුණාරත්න ද එක්ව සිටියා.