Update : බැසිල් නැවතත් කූඩුවට - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Wednesday, 20 May 2015 - 12:54

Update+%3A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුලූ සිව් දෙනා මේ මස 27 වනදා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ ඔවුන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික ගනේපොල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අධිකරණයට අදත් රැගෙන ආවේ ගිලන් රථයකින්. එම රෝහලේම නේවාසික ප්‍රතිකාර ලබන ඉතිරි සැකකරුවන් වන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. කේ. ඒ රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි බන්ධනාගාර බස් රථයකින් අධිකරණයට රැගෙනවිත් තිබුණා.

එමෙන්ම, නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට පක්ෂපාතී පිරිසක් අධිකරණය ඉදිරිපිට පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක ද නිරත වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර තිබෙනවා. ඒ, තමන් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව පවසමින්.

දිවිනැගුම වැඩසටහනට අදාළව රුපියල් 2500 ක් ලබාදීම සම්බන්ධයෙන් තමාගේ වරදක් නොමැති බවත්, ඔහු පෙත්සමේ දක්වා තිබෙනවා.

එසේම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තමන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව ප්‍රකාශ කරන අතරම ඊට අදාළ වෙනත් පියවර වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්. දේශපාලන හේතු පදනම් කර ගනිමින් තමන් අත්අඩංගුවට ගෙන ඇති බව පෙත්සමෙහි සඳහන් කරන ඔහු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුලූ 45 දෙනෙක්.