Update : උතුරේ සාමය කඩ කිරීමට ඉඩ නැහැ - පොලීසිය

Wednesday, 20 May 2015 - 13:06

Update+%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA
උතුරු පළාතේ සාමය කඩකරමින් හැසිරෙන  ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ පවසනවා. යාපනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊයේ යාපනය නගරයේ කළහකාරී ලෙස හැසිරෙමින් මහජන දේපලවලට හානි කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

යාපනය - පුංකුඩිතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17 හැවිරිදි සිසුවියක අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දැඩි දඩුවම් ලබාදෙන්නැයි බලකරමින් ඊයේ පෙරවරුවේ යාපනය නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. ඝාතනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ යෙදුනු පිරිස් යාපනය අධිකරණ සංකීර්ණය අසලට පැමිණ කළහකාරී ලෙස හැසිරෙමින් අධිකරණ සංකීර්ණය දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කළා. ප්‍රහාරයෙන් යාපනය අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට මෙන්ම බන්ධනාගාර බස් රථයකටද හානි සිදුවුණා. කළහකාරී පිරිස් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුලූ ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර දෙපාර්ශවය අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් තවදුරටත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.  කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනෙකු පොලීසිය පසුව අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පිරිස පැමිණි යතුරුපැදි 36 ක්, පාපැදි 27 ක් සහ ත්‍රිරෝද රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර යාපනය නගරයේ ඇතිවූ නොසන්සුන්තාව සොයාබැලීම සඳහා පොලිස්පතිවරයා ඊයේ රාත්‍රියේම එහි ගියා.

 පසුගිය 17 වැනිදා මෙම සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නව සමසමාජ පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නද පැවසුවේ යාපනය නගරයේ ඊයේ (20) පැවති විරෝධතාව අවස්ථාවේදී පොලීසිය නිවැරදි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

සුබ්‍රමනියම් ජයකුමාර්, සුබාලසිංහම් තවකුමාර්, සුබාලසිංහම් ජයකුමාර්, පිල්ලෙනාදන් චන්ද්‍රරාසම්, ශිවදේශන් තුෂාන්තන්, මාලිංගම් ශෂීධරන්, පරනි සුබසිංහම් කුගනාදන්, ජයදරන් කෝකිලන් සහ මාලිංගම් ශෂීකුමාර් යන සැකකරුවන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර එකම පවුලේ සහෝදරයන් තුන්දෙනෙකුද  සිටින බවයි යාපනය පොලීසිය සඳහන් කළේ.   

මේ අතර අද දිනයේත් වවුනියාව නගරයේ මෙම සිද්ධියට විරෝධය පළ කරමින් හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. වවුනියාව එක්සත්  වෙළඳ සංගමය ඇතුලූ සංවිධාන කිහිපයක් එක්ව දියත් කර ඇති මෙම හර්තාල් ව්‍යාපාරයට සහය පළ කරමින් වවුනියාව නගරයේ කඩසාප්පු සියල්ලම වසා දමා තිබූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. මේ හේතුවෙන් වවුනියාව නගරයේ දෛනික කටයුතුවලටද බාධා එල්ලවී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.

  



 



 








(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන නායක අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කිසිවෙකුටත් නීතිය අතට ගැනීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.
Update : Thursday, 21 May 2015 - 12:20
------------------------------------------------

පොලිස්පති යාපනයට - නොසන්සුන්තාව ගැන පරීක්ෂණ සී.අයි.ඞී.යට

යාපනයේ ඊයේ දිනයේ ඇතිවූ නොසන්සුන්තාව සොයාබැලීම සඳහා පොලිස්පතිවරයා ඊයේ රාත්‍රියේ එහි ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ කරුණු විමසා බලා පොලිස් නිලධාරීන්ට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි.

මේ අතර යාපනයේ පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ යාපනය අධිකරණ සංකීර්ණය අසල කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 130 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන් පැමිණි යතුරුපැදි 36 ක්, පාපැදි 27 ක් සහ ත්‍රිරෝද රථ 2 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යාපනය - පුංකුඩිතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17 හැවිරිදි අදාළ සිසුවිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් ඊයේ පෙරවරුවේ යාපනය නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. පසුව යාපනය අධිකරණ සංකීර්ණය අසලට පැමිණි උද්ඝෝෂකයින් පිරිසක් කළහකාරී ලෙස හැසිරුණා. එහිදී එම පිරිස් රථවාහනවලටද පහරදී අධිකරණ සංකීර්ණයට ගල් ප්‍රහාරද එල්ල කර ඇති අතර, ඉන් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට මෙන්ම බන්ධනාගාර බස්  රථයකටද හානි සිදුවුනා. මෙම කළහකාරී පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කඳුලූ ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර එහිදී ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුද තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.  සිද්ධිය සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ජයකුමාර්, සුබාලසිංහම් තවකුමාර්, සුබාලසිංහම් ජයකුමාර් යන සැකකරුවන් පළමුවෙන්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පසුව පිල්ලෙනාදන් චන්ද්‍රරාසම්, ශිවදේශන් තුෂාන්තන්, මාලිංගම් ශෂීධරන්, පරනි සුබසිංහම් කුගනාදන් සහ ජයදරන් කෝකිලන් යන සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. පෙරේදා වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණේ මාලිංගම් ශෂීකුමාර් නමැත්තෙක්.

මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

Update : Thursday, 21 May 2015 - 8:18
--------------------------------------------------------
යාපනය උසාවියට ගල් ගැසූ 127 ක් අත්අඩංගුවට

යාපනයේ පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් යාපනය අධිකරණ සංකීර්ණය අසල කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව ඔවුන් පැමිණි යතුරුපැදි 36 ක්, පාපැදි 27 ක් සහ ත්‍රිරෝද රථ 2 ක් ද භාරයට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

යාපනය - පුංකුඩිතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17 හැවිරිදි අදාළ සිසුවිය අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් අද (20) පෙරවරුවේ යාපනය නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. පසුව යාපනය අධිකරණ සංකීර්ණය අසලට පැමිණි උද්ඝෝෂකයින් පිරිසක් කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. එහිදී එම පිරිස් රථවාහනවලටද පහරදී අධිකරණ සංකීර්ණයට ගල් ප්‍රහාරද එල්ල කර ඇති අතර, ඉන් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට මෙන්ම බන්ධනාගාර බස්  රථයකටද හානි සිදුවුනා.  කළහකාරී පිරිස් විසුරුවා හැරීමට පොලීසිය කඳුලූ ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ අතර එහිදී ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුද තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි  මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.

මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය, මන්නාරම, කිලිනොච්චිය සහ පුත්තලම නගරවලද විරෝධතා පැවැත්වුනා.

එසේම, උතුරු පළාතේ පාසල්වල උදෑසන 11 සිට පැයක කාලයක් අපයෝජන සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.


Update : Wednesday, 20 May 2015 - 17:58
---------------------------------------------------

කළහකාරීන්  50ක්  අත්අඩංගුවට

පසුගියදා කයිට්ස් - පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් යාපනය අධිකරණ සංකීර්ණයට පහරදී කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මීට අමතරව ඔවුන් පැමිණි යතුරුපැදි 36 ක්, පාපැදි 27 ක් සහ ත්‍රිරෝද රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාර හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට සහ බන්ධනාගාර බස් රථයකටද හානි සිදුවී ඇති බව යාපනය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියා.

එහිදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගත් අතර පිරිස පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 
Update : Wednesday, 20 May 2015 - 16:38
---------------------------------------------------

යාපනය අධිකරණ සංකීර්ණය අවට ආරක්ෂාව තර කරයි

මේ වනවිට යාපනය අධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. පසුගියදා කයිට්ස් - පුංකුඩුතිව් දුපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කළ පිරිසක් පාලනය කිරීමට යාපනය අධිකරණ සංකීර්ණය අසලදී පොලිසිය අද (20) දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් මතුවූ අතර පොලිස් නිලධාරින් 4 දෙනෙකු එහිදී තුවාල ලැබුවා. වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බවයි යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. අප වාර්තාකරු කියා සිටියේ විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරවලින් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට ද හානි සිදුවී ඇති බව නිරීක්ෂණය කළ බවයි. කෙසේ වෙතත් මේ වනවිට පිරිස විසුරුවා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.








Update : Wednesday, 20 May 2015 - 14:05
---------------------------------------------------

දැරිය දුෂණය කර ඝාතනය කළාට යාපනය අධිකරණය අසල උණුසුම් තත්වයක්

පසුගියදා කයිට්ස් - පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කළ පිරිසක් පාලනය කිරීමට යාපනය අධිකරණ සංකීර්ණය අසලදී පොලිසිය අද දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණුසුම් තත්ත්වයක් මතුවූ බවයි එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. පොලිස් නිලධාරින් 4 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති අතර, වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බව යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. අප වාර්තාකරු කියා සිටියේ විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරවලින් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට ද හානි සිදුවී ඇති බව නිරීක්ෂණය කළ බවයි.

දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 9 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අදාළ පරීක්ෂණ දැන් සිදුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීමේ විරෝධය පළ කරමින් අදත් යාපනය දිස්ත්‍රික්කය පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වුණා. මන්නාරම, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන නගරවල මෙන්ම, උතුරු පළාතේ පාසල්වල ද මීට අදාළ විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්. 

















1.00 PM : කයිට්ස් සිසුවිය ඝාතන සිද්ධියේ විමර්ශන රහස් පොලිසියට


පසුගියදා කයිට්ස් - පුංගඩතිව් දූපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ පොලිස්පතිවරයාගේ නියෝගය මත එම පියවර ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ජයකුමාර්, සුබාලසිංහම් තවකුමාර්, සුබාලසිංහම් ජයකුමාර් යන සැකකරුවන් පළමුවෙන්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. පසුව පිල්ලෙනාදන් චන්ද්‍රරාසම්, ශිවදේශන් තුෂාන්තන්, මාලිංගම් ශෂීධරන්, පරනි සුබසිංහම් කුගනාදන් සහ ජයදරන් කෝකිලන් යන සැකකරුවන් අත්අඩංගුවට ගැණුනා. ඊයේ වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණේ මාලිංගම් ශෂීකුමාර් නමැත්තෙක්.

මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් අදත් යාපනය දිස්ත්‍රික්කය පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වුණා. එමෙන්ම, මන්නාරම, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන නගරවල උද්ඝෝෂණ ද පැවැත්වුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. එසේම, උතුරු පළාතේ පාසල්වල උදෑසන 11 සිට පැයක කාලයක් අපයෝජන සිද්ධියට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.