අර්ජුන මහේන්ද්‍රන් ගැන කෝප් කමිටුවට ලබාදුන් වාර්තාව විවාදයට

Thursday, 21 May 2015 - 14:57

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ කෝප් කමිටුව වෙත ලබාදී ඇති වාර්තාව විවාදයට ගැනීමට කතානායක චමල් රාජපක්ෂ මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී අවසර ලබාදුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් රීති ප්‍රශ්නයක් යොමුකරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ කෝප් කමිටුව වෙත ලබාදී ඇති මෙම වාර්තාව විවාදයට ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි. ඊට සභානායකවරයාගේ විරෝධය පළ වූ අතර, පසුව නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීර වාසුදේව නානායක්කාරද රීති ප්‍රශ්නයක් යොමුකරමින් මෙම විවාදය ලබාදෙන ලෙස යළි ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී සභාව උණුසුම් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරද ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් යොමුකරමින් ඉල්ලා සිටියේ එය විවාදයට ගන්නා ලෙසයි. පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් සිදුවූවත්, කෝප් කමිටුව වෙත ලබාදී ඇති වාර්තාව විවාදයට ගැනීම ගැටලූවක් නොවන බවයි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගී සිටිමින් විවාදයක් සඳහා අවස්ථාව ඉල්ලා සිටීමත් සමඟම කතානායකවරයා ඊට අනුමැතිය ලබා දුන්නා.

මේ අනුව අද පාර්ලිමේන්තුවේදී වාසු දේව මන්ත්‍රීතුමා කතා කළ වීඩියෝව මෙලෙසය..



අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වයේ සම්පුර්ණ වීඩියෝව



ඡන්ද පොළට යාමට අවස්ථාවක් නොමැති පිරිස (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 9:34

නිවෙස් තුළ ස්වයං නිරෝධායනය වන පිරිස අතරින් පළමු දින 14  තුළ... Read More

ඡන්දපොළ සුරක්ෂිතයි - මැතිවරණ කොමිසමේ සභාපති
Wednesday, 05 August 2020 - 8:53

ඡන්ද පොළ සුරක්ෂිත බැවින් කිසිදු සැකයකින් තොරව මහ මැතිවරණයේ... Read More

ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More