බැඳුම්කර වංචා ගැන පාර්ලිමේන්තුවට කරුණු කියන්න අගමැතිවරයා සූදානම්

Friday, 22 May 2015 - 18:35

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති වංචා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (22) පැවැති හමුවකදියි.

මහබැංකුවේ බැඳුම්කර පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවට අනුව රුපියල් බිලියන 2700 කට වැඩි බැඳුම්කර වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙහිදී කියා සිටියේ. 2012, 2013 සහ 2014 යන වසරවල මෙම බැඳුම්කර වංචාව සිදුව ඇති බව ද ඔහු එහිදී හෙළිකළා.

පසුගිය රජය සමයේ සිදුවූ බැඳුම්කර නිකුතු පිළිබද තොරතුරු සෙවීම ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් බිය වී ඇති බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා.