අගවිනිසුරු ශ්‍රී පවන්, පොලිස්පති සමඟ යාපනයට

Friday, 22 May 2015 - 18:45

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
කයිට්ස් - පුංකුඩුතිව් දූපතේ දී පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඇති වූ තත්ත්වය පිළිබද සොයා බැලීමට අගවිනිසුරු කේ. ශ්‍රීපවන් සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් අද (22) යාපනයේ සංචාරයක නිරත වුණා.

මෙම සිද්ධියෙන් පසු පොලිස්පතිවරයා යාපනයට පැමිණි දෙවන අවස්ථාව මෙයයි. අද යාපනයට පැමිණි අගවිනිසුරුවරයා, පහරදීම් හේතුවෙන් අලාභ හානි වූ යාපනය අධිකරණ සංකීර්ණය ද නිරීක්ෂණයට ලක් කළා. මෙහිදී අගවිනිසුරුවරයා යාපනයේ නීතිඥවරුන් සමඟ ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මේ අතර, අධිකරණ සංකීර්ණයට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් උතුරු පළාතේ සියලූම අධිකරණමය කටයුතුවලින් අද දිනයේ ඉවත්ව සිටීමට උතුරු පළාතේ නීතිඥවරුන් පියවර ගත්තා.

යාපනය අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූයේ පාසල් සිසුවිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් පැවති උද්ඝෝෂණයක් අතරතුරයි. එහිදී සාමය කඩ වන අයුරින් හැසිරුණු 130 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ පාසල් සිසුවිය අපයෝජනයට ලක් කර, ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා ද මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සියලූම දෙමළ මාධ්‍ය පාසල් අද දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබුණා. එසේම මඩකලපුව නගරයේ කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:50

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ද මේවන විට ප්‍රකාශයට... Read More

මහනුවර දිස්ත්‍රික්කය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 8ක්
Friday, 07 August 2020 - 2:35

මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී... Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, සම්බන්ධන් දිනුම්
Friday, 07 August 2020 - 2:13

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට... Read More