හෙණ්ඩුව වෙනවා - ඩලස් කියයි

Friday, 22 May 2015 - 18:58

%E0%B7%84%E0%B7%99%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සම්බන්ධය අලියා සහ හෙණ්ඩුව අතර පවතින සබඳතාවට සමාන විය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඒ, නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සන්ධානය අගමැති අපේක්ෂක ලෙස පත් කර ගැනීමේ අරමුණින් මාතර පවත්වන ජන රැළියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ පක්ෂ එක් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.