20 ගැන යහපත් එකඟතාවයක් - ශ්‍රී.ල.නි.ප. තවම නැහැ - එජාපය කියයි

Saturday, 23 May 2015 - 14:01

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4.+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නව මැතිවරණ සංශෝධනය ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත එළඹෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට අදාළ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත්, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තවමත් අදාළ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පුළුල් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි. කෙසේ වෙතත්, මෙම පාර්ලිමේන්තුව තුළදීම අදාළ මැතිවරණ ක්‍රමය සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ කියා සිටියේ මෙම මැතිවරණ සංශෝධනය සම්බන්ධයෙන් සිය පක්ෂයේ යෝජනා ඉදිරිපත් කළ ද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මෙතෙක් අවස්ථාවක් නොලැබී ඇති බවයි.  

මේ අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි කියා සිටියේ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සිය පක්ෂයේ යෝජනා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවයි.