හිරු සී.අයි.ඒ. ඔස්සේ හෙළි කළ විල්පත්තුව ආශ්රීතව නැවත පදිංචි කිරීම් මුවාවෙන් සිදුවන මහා වන විනාශය මෙරට සමාජය තුළ ඇති කළේ දැඩි ආන්දෝලනයක්. නුදුරේදීම තවත් දැවැන්ත අලි මිනිස් ගැටුමකට අත වනමින් සිදුකරනා මෙම ඉඩම් බෙදාදෙන්නේ සැබෑ ලෙසම යුද්ධයෙන් අවතැන් වූ වැසියන්ටද ? අප කළ නවතම විමර්ශනයේදී හෙළි වූයේ පුත්තලමේ ඔප්පු සහිත ස්ථිර නිවාස ඇති පුද්ගලයින් පවා මන්නාරමේ ඉඩම් ලබාගෙන ඇති බවයි. මන්නාරමේ ඉඩම් ලබාගත් පුද්ගලයන් පුත්තලමේ පිහිටි ස්ථිර නිවාස මුදලට විකිණීම පිළිබඳ තොරතුරුද අප වෙත ලැබුණා.
යුද සමයේ අවතැන් වූ වැසියන් රැසකට පුත්තලම - වනාතවිල්ලූව - වට්ටකන්ඩල් ප්රදේශයේ ස්ථිර නිවාස ලබාදී තිබෙනවා. නමුත් මෙහි සිටි බොහෝ දෙනෙකු දැන් එම නිවාස වෙනත් පිරිස් වෙත විකුණා අවසන්.
යුද ගැටුම් හේතුවෙන් අවතැන්වූවන්ට ඉඩම් ලබාදීමේදී එම කටයුත්ත කොතෙක් දුරට විනිවිදභාවයෙන් සිදුකළාද යන ගැටලූව මතුවනවා.
පසුගිය රජය සමයේ පුත්තලම ප්රදේශයෙන් ඉඩම් ලබාදෙමින් සිදුකළ නැවත පදිංචිකිරීම්වලදී ඉඩම් හිමි වූ පිරිස් වෙතද විල්පත්තුව අධිසංවේදී කලාපය විනාශ කරමින් ඉඩම් ලබාදී ඇති බව ජාතික සංඝ සම්මේලනය පසුගියදා හෙළි කළා.