Update: අනියම් පෙම උපරිමයෙන්ම ගිනි ගත් අවස්ථාවක්

Sunday, 24 May 2015 - 12:00

Update%3A+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
අතුරුගිරිය - කහගන්තොට ප්‍රදේශයේදී වෑන් රථයකින් රැගෙන යමින් තිබූ අඩක් පිළිස්සුණු මළ සිරුරක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ පවුල් ආරවුලක් මත  පුද්ගලයා ඝාතනය කර පුළුස්සා ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ඊයේ (23)රාත්‍රි 09 ට පමණ අතුරුගිරිය - කහගන්තොට ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් 119 හදිසි ඇමතුම් අංශයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී වෑන් රථය තුළ රෙදි කඩකින් ඔතා තිබූ අඩක් පිළිස්සුණු මළ සිරුරක් පොලිසිය විසින් නිරීක්ෂණය කළා. ඒ අනුව වෑන් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා අතුරුගිරිය පොලිසිය වෙත භාර දී තිබුණා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි. මියගිය පුද්ගලයා ඝාතනය සිදුකළ එක් පුද්ගලයෙකුගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම සම්බන්ධය හේතුවෙන් මොවුන් අතර කාලයක් තිස්සේ ආරවුලක් පැවති බවයි වාර්තා වන්නේ. ඝාතකයන් සැලසුම් සහගත ලෙස මෙම පුද්ගලයා පිළියන්දල - මඩපාත ප්‍රදේශයේ ස්ථානයකට ගෙන්වා ගෙන තිබෙනවා. එහිදී ඔහුට පහරදී ඝාතනය කර පුළුස්සා  වෑන් රථයෙන් මළ සිරුර වෙනත් ස්ථානයකට දැමීම සඳහා රැගෙන යමින් තිබියදීයි පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයා යුද හමුදාවෙන් පළා ගිය අයෙකු වන අතර, ඔහුටද ගාල්ල ප්‍රදේශයේ සිදුවු සොරකම් සහ අපචාර සිද්ධීන් කිහිපයක් පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. මේ අතර, මෙම ඝාතනයට අනුබල දුන් පිළියන්දල - මඩපාත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුද පිළියන්දල පොලිසිය අද (24) දහවල් අත්අඩංගුවට ගත්තා.



Update: Sunday, 24 May 2015 - 12:18
........................................................................

මරා පුළුස්සා  "හයි වේ" ගෙනැල්ලා

අතුරුගිරිය - කහන්තොට ප්‍රදේශයේදී ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ඊයේ (23) රාත්‍රියේදී සිදුකළ පරීක්ෂාවකදී එහි තිබූ අර්ධ වශයෙන් පිළිස්සුණු මළ සිරුරක් අතුරුගිරිය පොලීසිය සොයාගෙන තිබෙනවා. එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතුරුගිරිය සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. මළ සිරුර ගාල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ වන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරුවකු  මියගිය පුද්ගලයාගේ   ඥාතියෙකු වන අතර පිළියන්දල මඩපාත ප්‍රදේශයේදී ඝාතනය සිදුකර ඇති බවද සඳහන්ය.  සිරුර අධිවේගී මාර්ගයට බැහැර කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

119 යතුරුපැදි සංචාරක නිලධාරියෙකු විසින්  වෑන් රථය පිළිබඳ සැක සිතී පරීක්ෂාවට ලක්කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන  ක්‍රියාත්මකයි.



2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්
Wednesday, 05 August 2020 - 17:01

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

එස්.එෆ්. ලොක්කාට වෙඩි තබන විට අනෙක් අසුනේ සිටිය පෙම්වතිය
Wednesday, 05 August 2020 - 16:52

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More

පෙරවරු 6 සිට දහවල් 11 දක්වා මැතිවරණ පැමිණිලි 421ක්
Wednesday, 05 August 2020 - 16:24

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුව... Read More