හම්බන්තොට මහ රෝහලේ දෙවන මහලෙන් කාන්තාවක් බිමට පනී

Monday, 25 May 2015 - 10:23

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
දරුවෙකු ප්‍රසූත කළ මවක් හම්බන්තොට මහ රෝහලේ ගොඩනැගිල්ලක දෙවන මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබෙනවා. අද පෙරවරුවේ මෙලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක කාන්තාවක්.

ඇය මේ වනවිට බරපතල තත්ත්වයෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.  මෙම කාන්තාව මීට දින 3 කට පෙර පිරිමි දරුවෙකු ප්‍රසූත කර රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස බිමට පැන ඇත්තේ. ඇය ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.