බැඳුම්කර සිද්ධිය ගැන විපක්ෂයෙන් මූල්‍ය අරමුලට ලිපියක්

Monday, 25 May 2015 - 12:55

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මහබැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළුව පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ මෙරට විදේශ තානාපති කාර්යාල දැනුවත් කරන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ මහ බැංකු බැදුම්කර ගැටළුව පිළිබඳව තමන් සතු ලිපිලේඛණවල පිටපත් අද මහ බැංකු ගොඩනැගිල්ලේ පිහිටා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට භාර දුන් බවයි.